හෙටින් අවසන්..ඔබත් ඡන්ද දායකයෙකු නම් වහාම දැනුවත්වන්න..

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 04, 2024 12:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ, 2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙටින් (05) අවසන් වන බවයි.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, හෙට දිනයේ අයදුම්පත් තෑපෑලට භාර දීම එම අයදුම්පත් පිලිගැනීම සඳහා හේතුවක් නොවන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරණය සඳහා ඊයේ (04) දිනය තෙක් ඇප මුදල් තැන්පත් කිරීම් සිදු කර ඇත්තේ අපේක්ෂකයින් 14 ක්.

එම ඇප මුදල් තැන්පත් කර ඇත්තේ පිලිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01 ක්ද ස්වාධීන අපේක්ෂකයින් 05 ක්ය.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ජුලි මස 26 වනදා දින සිට අගෝස්තු 14 වන දින මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ, කාර්යාල දිනවලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන මුල්‍ය නිලධාරි විසින් භාර ගන්නා බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව අගෝස්තු මස 15 වනදා දින පෙරුවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාල සිමාව තුළ නාම යෝජනා භාර ගැනීම් සිදු කරන අතර එම කාලය තුලදීම විරෝධතා දැක්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර සර්ව ජන බලවේගය මගින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙවර ජනපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා.

Gallery