පොසොන් සතිය අද සිට

Poson poya day Anuradhapura Sinhala news
By Hashini Jun 07, 2025 02:23 AM GMT
Hashini

Hashini

Report

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙනවා.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙනවා.

අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

ගමන් බිමන් යෙදෙන තරමක් කළබලකාරී දිනයක්...දවසේ ලග්න පලාඵල

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසුවේ ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවයි.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේ රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම ජංගම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි. 

හජ් උත්සවය සමරන හැමෝටම ජනපතිගෙන් පණිවිඩයක්

හජ් උත්සවය සමරන හැමෝටම ජනපතිගෙන් පණිවිඩයක්

ReeCha