අලුතින්ම හඳුන්වාදුන් ඌරු මස් රසැති කෝපි. - මෙන්න මෙහෙට ගියොත් බීලම බලන්නකෝ රස කොහොමද කියලා. - (VIDEO)
චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කරමින් චීනය විසින් ඌරු මස් රසැති කෝපි වර්ගයක් හඳුන්වා දී තිබෙනවා.
ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් විසින් මෙය හඳුන්වා දී ඇති අතර “Abundant Year Savory Latte'' ලෙසින් මෙම නව පානය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කෝපි පානය සාදනු ලබන්නේ,Pork Flavor Sauce වර්ගයක්, කෝපි සහ කිරි මිශ්‍ර කිරීමෙන්.
විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනේ, ඌරු මස් රසැති මෙම කෝපි පානයෙහි මිල යුවාන් 68 වන අතර එය ඩොලර් 9.45ක් වන බවයි.
