මැද පෙරදිග ඇවිළෙන යුද ගිනි වලට විරාමයක් අවශ්‍යයි ලියෝ පාප් වහන්සේගෙන් ඉල්ලීමක්
මේ වනවිට මැදපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වීම තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප් වහන්සේ ඉරිදා දේව මෙහෙය පවත්වමින් ප්‍රකාශ කර තිබේ.
ඒ වගේම මැදපෙරදිග යුද උණුසුම ආරම්භ වූ දා පටන් ලියෝ පාප් වහන්සේ සාමය ප්‍රාර්ථනා කරයි.
ඔහු ඊයේ (15) වතිකානයේ පැවැති දේව මෙහෙය අතරතුරේ යළිත් වරක් ලෝක ප්‍රජාවගෙන් සාමය ප්‍රාර්ථනා කර ඇත.
උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළේ ඊයේ( 15) වන ඉරිදා, දහවල් ඇන්ජලස් යාච්ඤාව අවසානයේ සාම්ප්‍රදායික ඉරිදා ආශිර්වාදය සඳහා කතෝලික බැතිමතුන් සහ වන්දනාකරුවන් රැස් වූ වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රය ඉදිරිපිට දීය.
උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
“මැදපෙරදිග කිතුනුවන් සහ සියලු යහපත් කැමැත්තක් ඇති කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන්, මෙම ගැටුමට වගකිව යුතු අයගෙන් මම ඉල්ලා සිටින්නේ සංවාදය සඳහා මාර්ග නැවත විවෘත කිරීමයි. ඒ සඳහා සටන් නවත්වන්න. ප්‍රචණ්ඩත්වයට කිසි විටෙකත් ජනතාව බලා සිටින යුක්තිය, ස්ථාවරත්වය සහ සාමයට මඟ පෑදිය නොහැක”
ඒ වගේම පාසල්, රෝහල් සහ නේවාසික මධ්‍යස්ථානවලට එල්ල වූ තමන් ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල්වලට තමා සමීප බවත් මානුෂීය අර්බුදයක් පිළිබඳව ආධාර කණ්ඩායම් අනතුරු අඟවමින් සිටින ලෙබනනයේ යුද්ධයේ බලපෑම පිළිබඳව උන්වහන්සේ විශේෂයෙන් කනස්සල්ල පළ කර ඇත.
තවද උන්වහන්සේ මේ සම්බන්ධව ප්‍රකාශ කළේ දකුණු ලෙබනනයේ ක්‍රිස්තියානි ප්‍රජාවන්ගේ දුක්ඛිත තත්ත්වය වතිකානුවට විශේෂයෙන් කනස්සල්ලට කරුණක් බවයි.