මොකක්ද මේ එකපාරටම පූජා උමාශංකර් ගැන මතුව ආ කාරණය.. පූජා ලෞකික ජීවිතයට සමු දුන්න ද?. (PHOTOS)

Report

ශ්‍රී ලංකාවේ ඉපදුණු පූජා ගෞතම් උමාශංකර්, සිංහල, දෙමළ, තෙලිඟු, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නිළියක් බව හැමෝම දන්න කාරණාවක්.

මොකක්ද මේ එකපාරටම පූජා උමාශංකර් ගැන මතුව ආ කාරණය.. පූජා ලෞකික ජීවිතයට සමු දුන්න ද?. (PHOTOS) | Pooja Umashankar

පූජා උමාශංකර් කලා දිවියෙන් සමුගෙන අධ්‍යාත්මික ජීවිතයකට පිවිසීමට අදහස් කරගෙන සිටින බවට තොරතුරු වාර්තා වේ.

ඒ සිය පුද්ගලික අභියෝග හා බලාපොරොත්තු සුන්වීම් නිසා  කලකිරුණු නිසා බවයි වාර්තා වූයේ.

එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ ඇය ශ්‍රද්ධාවෙන් යුතුව තම ජිවිතය ගෙනයෑම සඳහා මෙලෙස අධ්‍යාත්මික පැත්තට යොමු වී ඇති බවයි.

මොකක්ද මේ එකපාරටම පූජා උමාශංකර් ගැන මතුව ආ කාරණය.. පූජා ලෞකික ජීවිතයට සමු දුන්න ද?. (PHOTOS) | Pooja Umashankar

ඇයගේ සිනමා දිවියේ අවසන් චිත්‍රපට රංගනය ලෙස සැලකෙන්නේ මේ දිනවල ලංකාවේ තිරගත වෙන දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සරෝෂන්මුගම් අධ්‍යක්ෂණය කළ සිහිනයකි ආදරේ සිංහල චිත්‍රපටයයි.

පූජා නැවත ලංකාවට නොපැමිණීමට දැඩි තීරණයක් ගෙන ඇති බවත් රංගන දිවියට සම්පුර්ණයෙන්ම තිත තැබීමට තීරණය කර  ඇති බවත් සඳහන් විය.

කෙසේ වෙතත්, ඉන්දියාවේ බැංගලෝරයේ පාසල්වල අධ්‍යාපනය ලබා වාණිජවේදී උපාධිය හා MBA පශ්චාත් උපාධිය ද හිමි කරගත් පූජාට, කන්නඩ, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා වතුර ලෙස හැසිර වීමේ හැකියාව පවතී.

Sponsored By Sarrita Jewellery

මොකක්ද මේ එකපාරටම පූජා උමාශංකර් ගැන මතුව ආ කාරණය.. පූජා ලෞකික ජීවිතයට සමු දුන්න ද?. (PHOTOS) | Pooja Umashankar

GalleryGalleryGalleryGalleryGalleryGallery