හදිසි ප්‍රහාරයකින් දේශපාලකයෙකුට තුවාල

Report

යාපනයේ වඩමරාච්චි නැගෙනහිර සෙම්බියන්පත්තු උතුර ප්‍රදේශයේදී ඇති වූ ගැටුමකින් හිටපු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පවසයි.

ඊයේ (17) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් නිසා මෙසේ දැඩි තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා පරුත්තිතුරෙයි රෝහලට ඇතුළත් කර ඇත.

ලෝකේ දුප්පත්ම ජනාධිපති ගැන දැනන් හිටියද? ජීවත් වෙලා තියෙන්නේ ගොවිපළක...(PHOTO)

ලෝකේ දුප්පත්ම ජනාධිපති ගැන දැනන් හිටියද? ජීවත් වෙලා තියෙන්නේ ගොවිපළක...(PHOTO)

අඳාළ සිද්ධිය පිළිබඳව ලැබෙන තොරතුරු අනුව, ඊයේ දිනයේ වඩමරාච්චි නැගෙනහිර සෙම්බියන්පත්තු ශාන්ත පිලිප්නේරියාර් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා කොඩි ඔසවන උත්සවයක් පවත්වා තිබෙනවා.

ඉන්පසු මධ්‍යම රාත්‍රියේ දී දේවස්ථාන භූමියේ බාහිර ප්‍රදේශයේ සිටි පිරිසක් වෙත යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් හදිසි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ සමඟ දෙපිරිස අතර මෙම ගැටුම ඇති වූ බව පවසයි.

ඒ අනුව ගැටුමෙන් දැඩි ලෙස තුවාල ලැබූ පුද්ගලයා  පරුත්තිතුරෙයි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී නාගර්කෝවිල් ප්‍රදේශයෙන් තරග කළ හිටපු අපේක්ෂකයෙකු බව වාර්තා වේ.

රාමනාදන් අර්චුනා එළියට ...? ලැයිස්තුවේ කාන්තාවක් ඇතුලට

රාමනාදන් අර්චුනා එළියට ...? ලැයිස්තුවේ කාන්තාවක් ඇතුලට

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ හිටපු අපේක්ෂකයා අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවයි.

එසේම මරුදන්කේනි පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම සිද්ධිය වූ දේවස්ථාන භූමියේ බාහිර ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක බිඳුණු මත්පැන් බෝතල් දැකගත හැකි වූ බවට ද වාර්තා වේ.

මරුදන්කේනි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්ව‍යි.