අපහාස සම්බන්ධයෙන් දේශපාලනඥයෙක් අලි සබ්‍රිගෙන් සමාව අයදියි
2021 දී මාධ්‍යයට කරන ලදැයි කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සමථයකට පත්වීමෙන් පසු, නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද ලැනරෝල් මහතා, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබේ.
2021 මැයි 10 වන දින හෝ ඒ ආසන්න දිනකදී පැවති පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී අසත්‍ය හා අපහාසාත්මක චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ආනන්ද ලැනරෝල් මහතාට එරෙහිව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, අලි සබ්‍රි මහතා බලපිටිය මහාධිකරණ විනිසුරුවරයාට ලිපියක් යැවීමට බල කළ බව ලැනරෝල් මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
ඊයේ කොළඹ දිසා විනිසුරුවරයා ඉදිරියේ නඩුව කැඳවූ විට, මාධ්‍ය හමුවේදී තමා කළ ප්‍රකාශය අසත්‍ය බවත්, චෝදනා එල්ල වූ සිද්ධියට අලි සබ්‍රි මහතාට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ලැනරෝල් මහතා නිසැකවම පිළිගත්තේය.
පාර්ශවයන් අතර ඇති කරගත් සමථයේ කොටසක් ලෙස, අද සිට සති දෙකක් ඇතුළත ජාතික සිංහල භාෂා පුවත්පතක සමාව අයැදීමක් ප්‍රකාශයට පත් කිරීමට විත්තිකරු එකඟ විය.
තවද, වන්දි වශයෙන් මහරගම පිළිකා රෝහලේ ගිණුමට රුපියල් මිලියනයක් තැන්පත් කිරීමට ලෙනරෝල් පොරොන්දු විය.