ඉන්ධන මිල අඩු වෙයිද..? බලශක්ති ඇමති හදිසියේම හමුවූ කෙනා..

Government Of Sri Lanka Government Of India Minister of Energy and Power Kumara Jayakody
By Sewvandhi Feb 16, 2025 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී ,බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ. 

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ, බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේ දී දෙරට අතර බලශක්ති හවුල්කාරීත්වයේ විවිධ පැතිකඩ සමාලෝචනයට ලක් වූ බවයි.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ද පසුගියදා පවත්වා තිබේ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස එහිදී අදහස් හුවමාරු වී ඇති බවයි.

අදානි සමාගම විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘතිවලින් ඉවත්වන බවට නිවේදනය කර ඇති පසුබිමක එම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

මේ අතර අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් අදානි සමාගම සමග යළි සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එහි සාමාජික දුමින්ද නාගමුව මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේය.

You may like this video 👇


ReeCha