ලංකාවටම සුවිශේෂී තීරණය ලැබෙන 15 වැනිදා - රටේ අනාගතය මොකක් වෙයිද..?

Ilankai Tamil Arasu Kachchi Ranil Wickremesinghe Sajith Premadasa Latest Headlines
By Sewvandhi Sep 11, 2024 09:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙවර ජනාධිපතිවරණයේදී කුමන ස්ථාවරය ගන්නේදැයි යන්න අවසන් තීන්දුව සැප්තැම්බර් 15 වනදා නිවේදනය කරන බව එහි නායක මාවෙයි සේනාධිරාජා මහතා දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඒ එම පක්ෂයේ සහාය සමගි ජන බලවේග අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවට පසුගිය දිනක නිවේදනය කර ඇති පසුබිමකය.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා නිවේදනය කළේ,ඉලංකෙයි තමිල් අරසු කච්චි සහාය ඉදිරි ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කළ බවයි.

කෙසේවෙතත් ඉලංකෙයි තමිල් අරසු කච්චි කිළිනොච්චි ශාඛාවේ නියෝජිතයන් ඉකුත් සඳුදා විශේෂ රැස්වීමක් කැඳවා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ගත් තීරණය වෙනස් කරමින් දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්‍රන් මහතාට සහාය දැක්වීමට එහිදී ඔවුන් ඒකමතිකව තීන්දු කර තිබේ.

මෙවන් පසුබිමක එහි විශේෂ කමිටු රැස්වීමක් ඊයේ (10) පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේදී පවත්වා ඇති අතර ඒ අනුව කුමන අපේක්ෂකයාට සහාය දෙන්නේද ? යන්න අවසන් තීරණය සැප්තැම්බර් 15 වනදා නිවේදනය කරන බවයි වාර්තාවන්නේ.

මේ අතර ස්වාධීන ජනපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සෙනසුරාදා මාවෙයි සේනාධිරාජා මහතාව ඔහුගේ යාපනයේ පිහිටි නිවසේදී පෞද්ගලිකව හමුවී සාකච්ඡා පවත්වා තිබුණි.(උපුටාගැනීමක්)

ReeCha