YouTube වීඩියෝ Like කරලා සල්ලි හොයන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා- පොලීසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්
By Kanchana
YouTube වීඩියෝවකට Like කිරීමෙන් දිනකට රුපියල් දහස් ගණනක් උපයා ගත හැකි බව පවසමින් ලැබෙන පණිවිඩ බොහෝවිට මූල්‍ය වංචාවලට ගොදුරු කර ගැනීම සඳහා සැකසූ උගුල් වේ.
විශේෂයෙන් Telegram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ක්‍රියාත්මක වන මෙවැනි වංචාකරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලීසිය විසින් උපදෙස් ලබා දී ඇත ඕනෑම ආයෝජනයක් හෝ මුදල් ඉපැයීමේ යෝජනාවක් පිළිගැනීමට පෙර එහි විශ්වසනීයත්වය හොඳින් තහවුරු කර බුද්ධිමත්ව තීරණ ගන්නා ලෙස සදහන් කර තිබේ
ඔබේ අවධානය සහ සැලකිල්ලම ඔබේ මුදල් ආරක්ෂා කරන හොඳම ආරක්ෂාවයි.