මේ විදිහට ණය ලබාගන්නා සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්
පොලීසිය මහජනතාවට දැනුම්දීමක් සිදු කරමින් දන්වා ඇත්තේ මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණික ණය මුදලක් ලබාගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් අදාළ ආයතනය විසින් දක්වා තිබෙන කොන්දේසි සම්බන්ධයෙන් නිසියාකාර අවබෝධයක් ඇතිව ණය පහසුකම් ලබාගන්නා ලෙසටයි.
ඒ අනුව සිදු විය හැකි අපහසුතාවය මඟ හරවා ගැනීමට හා මූල්‍ය අලාභයන් වළක්වා ගැනීමට එමඟින් හැකියාව පවතින බව පොලීසිය සඳහන් කරයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අන්තර්ජාලය භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ දැන්වීම් පළ කර ජංගම දුරකථන යෙදවුම් මඟින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ක්ෂණික ණය ලබාගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ, මෙසේ ණය මුදල් ලබා ගනු ලබන ගනුදෙනුකරුවන් ඔවුන් විසින් එසේ ලබාගත් ක්ෂණික ණය ආපසු ගෙවීමේදී ඉහළ පොලී අනුපාතයක් යටතේ ණය වාරික අය කර ගනිමින් ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වන ලෙස එම ආයතන කටයුතු කරන බවට ලද තොරතුරු මතයි.
අඳාළ විමර්ශනයට අනුව ණය ගැණුම්කරුවන් අදාළ ආයතන වෙතින් ණය ලබා ගැනීමේදී ණය ලබා ගන්නා පුද්ගලයින් ආයතන කොන්දේසි පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ණය ලබා ගැනීම සිදුකිරීම නිසා මෙසේ අපහසුතාවයට පත්ව ඇති බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව පොලීසිය පෙන්වා දෙන්නේ අඳාළ ආයතන දක්වා ඇති කොන්දේසිවල ණය මුදල් ආපසු අය කර ගන්නා ආකාරය සම්බන්ධව හා මෙම යෙදවුම් භාවිතයෙන් ඇතිවිය හැකි සියලු අවදානම් සම්පූර්ණයෙන්ම ණය ගැනුම්කරු විසින් දැරිය යුතු බවට පැහැදිලිව සඳහන් කර ඇති බවයි.
අද මේ ලග්න හිමියන් අතගහන හැම දේටම හිතා ගන්න බැරි තරමට සුබයි - උසස්වීම්, වැටුප් වර්ධක එක්ක සතුටු ආරංචිත් රැසක්
එමෙන්ම ණය ලබාගන්නා පුද්ගලයන් විසින් නිසි ලෙස කොන්දේසි කියවීමකින් හා නිවැරදි අවබෝධයකින් තොරව මෙම යෙදවුම් ස්ථාපිත කර ණය ගැනීමට කටයුතු කර ඇති බවට වැඩි දුරටත් නිරික්ෂණය වී ඇති බව වාර්තා වේ.
මේ නිසා මාර්ග ගත ක්‍රමය ඔස්සේ ණය මුදල් ලබා ගැනීමේදී පුද්ගලයින් විසින් සැලකිලිමත්ව හා නිසි අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් සිදු වන අපහසුතාවයන් මග හරවා ගැනීමට හැකි වන අතර උක්ත කරුණු සම්බන්ධයෙන් දැනුවත්ව සිටින ලෙසට පොලිසිය මහජන්තාවගෙන් ඉල්ලා සිටින බව සඳහන්.