නිවසේ වැඩිහිටියන් ඉන්නවද? පොලිස් මූලස්ථානයෙන් අති විශේෂ නිවේදනයක් - අනිවාර්යෙන්ම පිළිපදින්න

Report

වර්තමාන සමාජය තුළ වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අතිශය සංවේදී මෙන්ම අත්‍යවශ්‍යම කාර්යයක් බවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ දරුවන් රැකියා සඳහා නිවසින් බැහැරව යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම හේතුවෙන් වයෝවෘද්ධ දෙමාපියන් නිවාසවල හුදෙකලා වී අවදානමට ලක්වීමේ ප්‍රවණතාවක් පසුගිය දිනවල බහුලව වාර්තා වී ඇති බවයි.

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

ආයෙත් ඉන්ධන මිල වැඩිවීමක්ද? මිල වැඩි කරලත් පාඩු බව තෙල් සංස්ථාව නිවේදනය කරයි

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

“වයෝවෘද්ධ සහ හුදෙකලා වූ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම එතරම් අවධානයක් යොමු නොවුනද අද තිබෙන ඉතාමත් සංවේදී වගේම අත්‍යවශ්‍යම කාර්යයක් බව ශ්‍රී ලංකා පොලිසිය හඳුනාගෙන ඇත. දරුවන් රැකියාවලට යාම, විදේශගත වීම හෝ වෙනත් පළාත්වල පදිංචි වීම නිසා මෙසේ වැඩිහිටියන් අවදානමකට ලක් වන අවස්ථාවන් පසුගිය දිනවල වාර්තා විය.

හුදෙකලාව නිවසක සිටින මොවුන් අපරාධකරුවන්ගේ පහසු ඉලක්කයක් විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව සැලකිළිමත් වීමට ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරවනු ලැබේ. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් මුදල් සහ රන් බඩු කොල්ලකෑම සඳහා මෙවැනි හුදෙකලා නිවාස ඉලක්ක කර ගනු ලැබේ. එහිදී ඔවුන්ගේ අපරාධමය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී ඝාතනයන්ගෙන් අවසන් වන සිදුවීම්ද මෑත කාලීනව ශ්‍රී ලංකා පොලිසිය නිරීක්ෂණය කර ඇත. එවැනි වයෝවෘධ සහ හුදෙකලා වැඩිහිටියන් සිටින නිවාස පිළිබඳ කටයුතු කිරීමේදී පහත කරුණු සම්බන්ධව අවධානය යොමු කල හැකිය.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

• නිවස වටා රාත්‍රී කාලයට හොඳින් ආලෝකය වැටෙන ලෙස සකසා තිබීම.

• ආගන්තුකයන් ලෙස නාන්නාඳුනන පුද්ගලයන් නිවස තුළට යම් කාර්යන් සිදු කිරීම සඳහා කැඳවා නොගැනීම.

• අසල්වැසියන් සමඟ සුහදතාවය වර්ධනය කරගැනීම තුළින් අනෝන්‍යය ආරක්ෂාව සලසා ගැනීම.

• හුදෙකලාව වෙසෙන වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරී මහතා සහ ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර තිබීම මඟින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු ගැනීමට කටයුතු කිරීම.

• දෙමාපියන්ට පහසුවෙන් හැසිරවිය හැකි සරල ජංගම දුරකථනයක් භාවිතා කිරීමට ලබා දීම සහ ඒ සඳහා දරුවන්ගේ සහ පොලිසියේ අංක ඇතුළත් කිරීම.

• එසේම හදිසි අවස්ථාවකදී ඇමතීම සඳහා නිවසේ අත්‍යවශ්‍ය අංක ප්‍රදර්ශනය කර තිබීම (උදා - තම වසමේ පොලිස් ස්ථානයේ අංකය, 119, සුව සැරිය ගිලන් රථය 1990, ළඟම සිටින අසල්වැසියෙකුගේ සහ පවුලේ වෛද්‍යවරයාගේ අංක විශාල අකුරින් ලියා පහසුවෙන් දර්ශනය වන ස්ථානයක ප්‍රදර්ශනය කිරීම

• වැඩිහිටියන් සහ හුදෙකලා දෙමාපියන් බලාගැනීමට මුදලට ලබාගන්නා බාහිර පුද්ගලයන්, සුරැකුම් මධ්‍යස්ථාන හෝ ගෘහ සේවකයන්ගේ සේවය ලබා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම සම්බන්ධව පරීක්ෂා කර බලා ඔවුන් පදිංචි පොලිස් වසමෙන් පොලිස් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ සේවය ලබා ගැනීම.

දෙමාපියන් සහ වැඩිහිටියන් හුදෙකලා කිරීම අවම කර ඔවුන්ගේ ආරක්ෂාව සතුට සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් සැලකිලිමත් වී යම් අපරාධයක් සිදුවීමට ඇති අවස්ථා කල්වේලා ඇතිව හඳුනා ගැනීමට බුද්ධිමත් වන ලෙස ශ්‍රි ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි

හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සජබෙන් දේශපාලනයට? සමාජ මාධ්‍ය කලඹමින් පුවතක් පැතිරෙයි