රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක් [VIDEO]
රථවාහන වැරදි සිදු කරන රියදුරන්ට ව්‍යාජ එස් එම් එස් සහ වට්ස්ඇප් පණිවුඩ යොමු කර වංචනික ආකාරයට දඩ මුදල් අයකර ගැනීම පිළිබදව සිද්ධීන් වාර්තා වන බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කළේ, GovPay වෙබ් අඩවියට සමාන ආකාරයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර මෙසේ ජනතාවගෙන් දඩ මුදල් ලබාගෙන ඉතා සූක්ෂමව සිදු කරන වංචාවක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
එබැවින් මෙසේ ලැබෙන ව්‍යාජ එස් එම් එස් සහ වට්ස්ඇප් පණිවුඩවල සඳහන් සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසයි පොලිසිය දැනුම් දෙයි.
එමෙන්ම, පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දීමකින් පසුව වරදක් පිළිගත් විට පමණක් GovPay යෙදුමෙන් දඩමුදල් ගෙවීමට ද කටයුතු කරන ලෙස ද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.