බස්වල යන අයට පොලීසියෙන් විශේෂ නිවේදනයක් - වහාම දන්වන්න
පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ගාස්තු අය කිරීමේදී නියමිත ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කරන බවට මහජන පැමිණිලි ලැබීමත් සමඟ පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනයෙන් දන්වා ඇත්තේ මගී ප්‍රවාහන බස් රථ වල ගමන් කිරීමේදී නියමිත ප්‍රවාහන ගාස්තුව ඉක්මවමින් ගාස්තු නොගෙවන ලෙසයි.
එමෙන්ම එවැනි බස් රථ සම්බන්ධයෙන් වහාම 118, 119 යන දුරකථන අංක ඔස්සේ හෝ පොලිසියට ලිඛිතව හෝ වාචිකව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. අඳාළ සම්පූර්ණ නිවේදනය පහතින්,