පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්

Report

පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් හා සපත්තු මිලදී ගැනීම සඳහා මසකට රුපියල් 7,000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයේදී නිවේදනය කළේය.

ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ;

“ඊයේ (17) කැබිනට් මණ්ඩලයේදී පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ සපත්තු සඳහා එක් නිලධාරියෙකුට රු. 7,000ක මාසික දීමනාවක් ලබාදෙන්න තීරණය කළා. මේ සඳහා 2025 වර්ෂයට රුපියල් මිලියන 1,100ක් වෙන් කර තිබෙනවා. එම දීමනාව එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට (ලබන මාසයේ සිට) ක්‍රියාත්මක වෙනවා.”

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

ඊට අමතරව, පොලිස් ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා කරන ක්‍රීඩා සපත්තු හා ඇඳුම් මිලදී ගැනීමටද වෙනම මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය ලබන සතිය තුළ ලබාගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම දීමනාව පොලිස් නිලධාරීන් අතර දිගුකාලීන ඉල්ලීමක් වූ අතර, එය ඔවුන්ගේ යහපත් පෙනුම හා කාර්යක්ෂමතාව රඳා පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දිගින් දිගටම පෙන්වා දී තිබිණි.

මෙම තීරණයත් සමඟ පොලිස් සේවයේ සුභ සාධක තත්ත්වය ඉහළ නැංවීමට රජය ගෙන ඇති තවත් පියවරක් ලෙසද සැලකේ.

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය