පලා ගිය ටීචර් අම්මා හොයන්න පොලිස් කණ්ඩායම් තුනක්

Sri Lanka Police Sri Lanka Police Investigation Law and Order Sinhala news Hayeshika Fernando
By Kaushi May 12, 2025 11:56 AM GMT
Kaushi

Kaushi

Report

ටීචර් අම්මා ලෙස හඳුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලීසිය පවසයි.

ඒ මෙම කාන්තාව විසින් තරුණයෙකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බවට වාර්තා වීමත් සමඟයි.

පොලිසිය සඳහන් කළේ සැකකාරිය ඇගේ දියණිය ද සමඟ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

ඇයගේ දුරකථනය ද ක්‍රියා විරහිත කොට ඇති බව වාර්තා වේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පහර කෑමට ලක් වී ඇති තරුණයාගේ සොයුරිය ෆේස්බුක් පිටුවක හයේෂිකා පිළිබඳ පළ කළ පෝස්ටුවකට පලිගැනීමක් ලෙස මෙසේ පහර දී ඇති බවයි.

ඒ අනුව තරුණයාට සැකකාර කාන්තාව, ඇගේ සැමියා සහ ඇගේ ආයතන කළමනාකරු ද පහර දී තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකාරියගේ සැමියා සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු 14 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළ බවයි.

මේ වන විට පහර කෑමට ලක් වූ තරුණයා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ද පොලීසිය ප්‍රකාශ කළා.

වෙසඟ බබළවන්න රට වටේම තොරන් රැසක්

වෙසඟ බබළවන්න රට වටේම තොරන් රැසක්

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් කටාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත සුදසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කිරීමට නියමිතයි.

ReeCha