අතුරුදන් වූ කාන්තාවක් සොයා පොලිසියෙන් විශේෂ විමර්ශනයක්- තොරතුරු ලබාදීමට දුරකථන අංක මෙන්න
2026.03.11 වන දින කඩුගන්නාව පොලිස් වසමේ ගිරාගමවත්ත, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තම බිරිඳ, නිවැසියන්ට නොදන්වා නිවසින් බැහැර ගොස් ඇති බවට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කඩුගන්නාව පොලිස් ස්ථානය මඟින් විමර්‌ශන ආරම්භ කර තිබේ.
අතුරුදන් වූ කාන්තාව අංගම්පොඩිගේ තරුෂි අමායා අතුපිටිය නම් වන අතර 20 හැවිරිදි ගිරාගමවත්ත, පිළිමතලාව ලිපිනයෙහි පදිංචිව සිටි අයෙකි
එම කාන්තාවගේ ජා.හැ.අ :-200582903984 වේ .
මේ සම්බන්ධයෙන් මහනුවර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි කරුණු වාර්තා කර තිබේ.
අතුරුදන් වූ ඡායාරූපයේ සිටින කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි
දුරකතන අංක ස්ථානාධිපති කඩුගන්නාව – 071-8591060
පොලිස් ස්ථානය කඩුගන්නාව – 081-2571222