කුරුන්දි රජමහා විහාරයට නැවතත් පොලිස් ආරක්ෂාව- බුද්ධශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්
By Kanchana
මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ
විහාරස්ථානයේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇත.
අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, විහාරස්ථානය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විහාරාධිපති හිමියන් වෙත දැනුම් දී ඇති බව සඳහන් කර තිබේ .