වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..
By krishani
හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇත.
ඒ බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීය.
ඒ අනුව 2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වෙයි.