උඹේ කටහඬ අඳුරන්න, උඹ ජෝතිපාල නොවෙයිනේ...පොලිස් මිතුරාට කල විහිළුව අවසානයේ නැවතුනු තැන...

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Feb 13, 2025 10:11 AM GMT
Piyumika

Piyumika

Report

තමන් සේවය කරන පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන එහි සිටි නිලධාරියාට තර්ජනය කළ තලංගම පොලිසියේ අපරාධ අංශයට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ එහි දුරකථන ක්‍රියාකරු ලෙස කටයුතු කළ මිතුරා බිය ගැන්වීම සඳහා ඔහු මෙලෙස කටයුතු කර ඇති බවය.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු තලවතුගොඩ - ශාන්තිපුර පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජනය කර තිබේ.

අනර්ග රැකියා අවස්ථාවක් පිළිබද දැන්වීම් ගැන ඔබ දනුවත්ද...

අනර්ග රැකියා අවස්ථාවක් පිළිබද දැන්වීම් ගැන ඔබ දනුවත්ද...

ඒ අනුව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශනය අංශය මඟින් ඊට අදාළව විමර්ශන සිදුකරන අතර, විමර්ශන කටයුතුවලට අදාළව එම නිවස ආසන්නයේ පොලිස් ආරක්ෂාව යෙදවීමටයි පියවර ගෙන ඇත.

ඒ අනුව පසුගිය 10 වැනිදා රාත්‍රි 10.55ට පමණ තලංගම පොලිස් ස්ථානයේ දුරකථන අංකයට නාඳුනන පුද්ගලයකු දුරකථන ඇමතුමක් ලබාදෙමින් " OIC මහත්තයා ඉන්නවද ?" කියා විමසා තිබේ.

එහිදී දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයා පිළිතුරු දී තිබුණේ "OIC මහත්තයා මේ වෙලාවේ SEAT එකේ නෑ සර්" යනුවෙනි.

එම අවස්ථාවේදී දුරකථන ඇමතුම ලබාදුන් නාඳුනන පුද්ගලයා "අද උඹලගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා පුළුවන් දෙයක් කරපන්" යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

අනතුරුව ඒ සම්බන්ධයෙන් දුරකථන ක්‍රියාකරු විසින් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දී තලවතුගොඩ ව්‍යාපාරිකයාගේ නිවසේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමටයි පියවර ගෙන ඇත.

මෙම තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත පොලිසියේ දුරකථන අංකයට අදාළව දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන තිබේ.

මළ ගෙදර පසෙකලා සෙට් එකක් එකතුවෙලා බුරු පොලක් දා ගෙන..එතන මලකෙලියෙන් තවත් මළගෙයක් තව ඩින්ගෙදී.....

මළ ගෙදර පසෙකලා සෙට් එකක් එකතුවෙලා බුරු පොලක් දා ගෙන..එතන මලකෙලියෙන් තවත් මළගෙයක් තව ඩින්ගෙදී.....

එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ තලංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලබන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බවය.

දුරකථන ක්‍රියාකරු ලෙස කටයුතු කළ නිලධාරියා සහ ඇමතුම ලබාදුන් නිලධාරියා මිතුරන් බවත්, ඔවුන් දෙදෙනාම එකම භට නිවාසයක රැඳී සිටින බවත් විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

දුරකථන ක්‍රියාකරු ලෙස කටයුතු කළ මිතුරා බිය ගැන්වීම සඳහා මේ ආකාරයෙන් කටයුතු කළ බව ඇමතුම ලබාදුන් සැකකාර කොස්තාපල්වරයා සුළු වේලාවකට පසුව පැමිණ පවසා තිබූ බව සඳහන්ය.

"මචං උඹට මගේ කටහඬ අඳුරගන්න බැරිවුණා ද? අරක විහිළුවට කිව්වේ..." යනුවෙන් සැකකාර කොස්තාපල්වරයා දුරකථන ක්‍රියාකරු වූ සිය කොස්තාපල් මිතුරාට පවසා තිබේ.

එහිදී දුරකථන ක්‍රියාකරු පවසා ඇත්තේ, "උඹේ කටහඬ අඳුරන්න, උඹ ජෝතිපාල නොවෙයිනේ, උඹ එහෙම කිව්වා නම් උඹම OIC මහත්තයට ඒක කියපන්." ලෙසය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරුන් දෙදෙනා ස්ථානාධිපතිවරයාව කිසිදු අවස්ථාවක දැනුම්වත් කර නොමැති බව වාර්තා වේ.

ඒ අනුව කරන ලද විමර්ශනයේදී 24 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහු භාවිත කළ සිම්පත සහිත ජංගම දුරකථනය නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන තිබේ.

You may like this video

ReeCha