ශ්‍රී ලංකා පොලීස් නිලධාරීන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට
ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් තම දිනක වැටුප වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් ආපදා වලින් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කර තිබේ.
මේ සදහා අදාළ චෙක්පත පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පිළිගන්වා තිබේ.