පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

By Hashan May 18, 2025 08:03 AM GMT
Report

බීමතින් මෝටර් රථයක් ධාවනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට මඩකලපුව ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරවරයා කටයුතු කර තිබෙනවා.   

අදාළ සැකකාර පොලිස් නිලධාරියා පෙරේදා ( 16 ) දහවල් අම්පාර කාවන්තිස්ස විද්‍යාල අසල දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.   

අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පොලිස් නිලධාරියා  මඩකලපුව ආයිත්තමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරියෙකු බවට යි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට

ඇමති නලින්ද ස්විට්සර්ලන්තයට

මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් 2025.05.17 දින සිට ක්‍රියාත්මක වන පරිදි සැකකාර පොලිස් නිලධාරියාගේ සේවය අත්හිතුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වී ඇත්තේ .

මේ අතර සැකකරුට ලබන (23) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.