ගණේමුල්ල සංජීව ඝාතනයට පොලිසියත් උපකාර කරලද? ...

By Piyumika Feb 20, 2025 12:12 PM GMT
Report

ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධව මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇග හිරි වැටෙන අනාවරණයක්..මේ රස්නෙට වතුර උගුරක් බොන්න කියලා බෝතල් කල වතුර බොන්නේ බලාගෙනයි..

ඇග හිරි වැටෙන අනාවරණයක්..මේ රස්නෙට වතුර උගුරක් බොන්න කියලා බෝතල් කල වතුර බොන්නේ බලාගෙනයි..

මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන මෙම සැකකරු වයස අවුරුදු 25ක් වන පාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් සඳහා දැනුම්දීමක්..

අධ්‍යාපන ආමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් සඳහා දැනුම්දීමක්..

ඔහු ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අය සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන ඇත.

මූලික ප්‍රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් නිලධාරියා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත.

You may like this video