ඔයාගේ පෝන් එකටත් මේ වගේ ඒවා ආවද..ඔන්න කෙනාව අල්ලලා..

Report

Whatsapp ඔස්සේ අසභ්‍ය ඡායාරූප, ලිංගික දර්ශන හා හඬපට යොමුකරමින් කාන්තාවන් කිහිපදෙනෙකුට අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ලද පැමිණිවලට අනුව සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙම කාන්තාවන් තම යතුරුපැදි අළුත්වැඩියා කරගැනීම සඳහා සේවා ස්ථානයකට ගිය අවස්ථාවේ එහි හිමිකරු විසින් මෙම කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගෙන මෙලෙස ක්‍රියා කර ඇති බව‍යි, සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, සැකකරුව ඊයේ (17) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 49 ක් වූ පණ්ඩුලගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (18) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.