පාසලකට පැන ළමුන් 13ක් ප්‍රාණ ඇපයට අරන් ගොඩනැගිල්ලට ගිනි තබන බවට තර්ජන - බ්‍රසීලයම කැළඹෙද්දි සැකකරුට පොලිසියෙන් වෙඩි
දකුණු කුරිටිබා නගරයේ ළදරු පාසලක ප්‍රාණ ඇපයට ගෙන සිටි ළමුන් 13 දෙනෙකු බ්‍රසීල පොලිසිය විසින් බේරාගෙන ඇති අතර, ගොඩනැගිල්ලට ගිනි තබන බවට තර්ජනය කළ සැකකරු මරා දමා ඇති බව නිලධාරීන් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊයේ(09) දින මෙම සිදුවීමෙන් අවම වශයෙන් එක් දරුවෙකු තුවාල ලබා ඇති බව පරානා ප්‍රාන්තයේ හමුදා පොලිස් විශේෂ බලකා ඒකකයේ අණදෙන නිලධාරී ඇලෙක්සැන්ඩ්‍රේ ලෝප්ස් ඩයස් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ දරුවාට තුවාල කළේ කවුරුන්ද හෝ කුමක් දැයි විස්තර නොකරමින් බව සඳහන්.
මේ අතර පැරානා පොලිස් ප්‍රකාශිකා ලෙටීෂියා මාටින්ස් ළදරු පාසලෙන් පිටත මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර තිබුණේ අඳාළ සැකකරු සිකුරාදා ගේට්ටුවෙන් පැන, පන්ති කාමරයකට කඩා වැදී ළමුන් 13 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් බවයි.
අනතුරුව ඔහු කාමරය තුළ ගිනිගන්නා සුළු ද්‍රව්‍යයක් පැතිරවූ අතර ඔහුගේ අතේ ලයිටරයක් තිබුණ බවත් සඳහන්.
අධ්‍යාපන ක්ෂේත්රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්
ඊට අමතරව ඔහු පිහියක් සහ මුලින් ගිනි අවියක් යැයි විශ්වාස කළ දෙයක් ද රැගෙන ගියත් පසුව එය ව්‍යාජ එකක් බව සොයා ගෙන ඇත.
මාටින්ස්, “අපගේ සාකච්ඡා කණ්ඩායම් ක්‍රියාත්මක වූ නමුත් ඔහුව උදාසීන කිරීම හැර වෙනත් විකල්පයක් නොදුටුවේය,” යනුවෙන් පැවසූ අතර, සැකකරු ඔහුගේ ක්‍රියාවන්ට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කර ඇති ද යන්න සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර නොමැත.
මෙම සිදුවීම සාඕ පවුලෝ සිට කිලෝමීටර් 400ක් (සැතපුම් 250) දකුණින් පිහිටි මිලියන 1.8ක පදිංචිකරුවන් සිටින කුරිටිබා හි සාඕ බ්රාස් අසල්වැසි ප්‍රදේශයේ සිදුව ඇත.
එමෙන්ම ලෝප්ස් ඩයස් වාර්තාකරුවන්ට කියා ඇත්තේ සැකකරු භින්නෝන්මාදයෙන් පෙළෙන පුද්ගලයෙකු වශයෙන් හඳුනාගෙන ඇති නමුත් ඔහු එම පුද්ගලයාගේ අනන්‍යතාවය හෝ ඔහු ඝාතනය කරන ලද ආකාරය හෙළි නොකළ බවයි.
මේ අතර පොලිස් නිලධාරියා සඳහන් කර ඇත්තේ, සම්පූර්ණ සාකච්ඡා අතරතුර, සැකකරු තමා වටා සිටි සියලුම දරුවන් සමඟ සහ එක් දරුවෙකු ඔහුගේ උකුලේ තබාගෙන සිටි බවයි.