උදෙන්ම පත්තු වෙච්ච පොලිස් වැඩිල්ල

Report

කිලිනොච්චි ධර්මපුරම් පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී අද (පෙබරවාරි 01) අලුයම පොලිසිය විසින් බලපත්‍රයකින් තොරව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ධර්මපුරම් පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන්ට නැවතීමට අණ කළත් එය නොසලකා හැර ඉහළ වේගයෙන් ධාවනය කරමින් පැන යාමට උත්සාහ කළ ලොරි රථයට පසුපස ටයර්වලට එල්ල වන පරිදි වෙඩි තැබූ බව පොලිසිය සඳහන් කරනවා.

වෙඩි ප්‍රහාරයෙන් පසු ලොරි රථයේ රියදුරු රථය එම ස්ථානයේම අතහැර දමා පළා ගොස් ඇති බවත්, රථය අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ධර්මපුරම් පොලිසිය විසින් සිදුකරමින් පවතින අතර, පළා ගිය රියදුරු සොයා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

අනවසර වැලි ප්‍රවාහනය සම්බන්ධයෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේදී පසුගිය කාලයේ පොලිස් මෙහෙයුම් තීව්‍ර කර ඇති අතර, මෙවැනි සිදුවීම් රැසක් වාර්තා වී තිබෙනවා.

“භික්ෂුන් නිහඬ වුණොත් කවුද කතා කරන්නේ?” - වෙඬරුවේ උපාලි හිමියන්ගෙන් බලවත් ප්‍රකාශය

“භික්ෂුන් නිහඬ වුණොත් කවුද කතා කරන්නේ?” - වෙඬරුවේ උපාලි හිමියන්ගෙන් බලවත් ප්‍රකාශය