නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට
වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ අද (06) අලුයම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝර මසුන් කිලෝග්‍රෑම් 850 කට අධික ප්‍රමාණයක් සඟවා තිබූ බහුදින ධීවර යාත්‍රාවක් හඳුනාගෙන, ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙරළාරක්ෂක බලකා නිලධාරීන්, අල්ලා ගත් මෝර මසුන් සහ ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග සඳහා වැල්ලමන්කර ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දී තිබේ.