නීතිවිරෝධී වත්කම්වලට වැඩ වරදී - දේපොළ රජයට පවරා ගැනීමට පොලිසියෙන් දැඩි පියවරක්

Report

2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 772ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (31) “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී ශ්‍රී ලංකා පොලීසිය විසින් “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සිදුකරන කාර්යභාරය, මත්ද්‍රව්‍ය වැටලීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් නීතිවිරෝධී දේපොළ තහනම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කෙරිණි.

තමන්ගේ දරුවාගේ කතාබහේ හෝ හැසිරීමේ වෙනසක් දැනෙනවා නම් පමා වෙන්න එපා - පොලීසියෙන් දැනුම්දීමක්

තමන්ගේ දරුවාගේ කතාබහේ හෝ හැසිරීමේ වෙනසක් දැනෙනවා නම් පමා වෙන්න එපා - පොලීසියෙන් දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, 2025 වසර තුළ රුපියල් මිලියන 1,549ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් දේපොළ හඳුනාගෙන ඒවා නීතිමය ක්‍රියාවලිය ඔස්සේ රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.

තරුණයන් 28,000කට ප්‍රථමාධාර පුහුණුවක් - දිවයින පුරා හදිසි ප්‍රතිචාර ජාලයක් සැකසේ