ගල්කිස්සේ හුටපටෙන් කොස්තාපල්ට ඇප

Report

ගල්කිස්සේ නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී ඇති බව වාර්තා වුණා.

ඒ ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියෝග කරමින් බව සඳහන්.

එසේම අඳාළ සිද්ධිය සමථ මණ්ඩලයාට යොමු කර ඇති බව ද වාර්තා වුණා. එබැවින් අඳාළ නඩුව එළඹෙන නොවැම්බර් 14 වන දින තෙක් කල් ගොස් ඇත.

ගල්කිස්ස ප්‍රශ්ණය උග්‍ර වෙයි පොලිස් පරීක්ෂකට වහාම ස්ථාන මාරුවක්

ගල්කිස්ස ප්‍රශ්ණය උග්‍ර වෙයි පොලිස් පරීක්ෂකට වහාම ස්ථාන මාරුවක්

පසුගිය 2025.10.10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියෙන් නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් මත මෙසේ ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.10.13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම පිළිබඳ අලුත් නියෝගයක් - පොලිස්පතිට කතා කරලා නැහැ ඒක බොරුවක්

ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවීම පිළිබඳ අලුත් නියෝගයක් - පොලිස්පතිට කතා කරලා නැහැ ඒක බොරුවක්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්