පොලිස් මූලස්ථානයෙන් ජනතාවට නිවේදනයක් - හදිසියේම පොලිස් දත්ත පද්ධතිය බිඳවැටෙයි

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන නිෂ්කාශන සහතිකපත් සම්බන්ධ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බවයි.

මෙම පද්ධතිය අයදුම්පත් භාරගැනීම, වාර්තා කැඳවීම සහ සහතිකපත් මුද්‍රණය කිරීම දත්ත පද්ධතියක් හරහා සිදුකරනු ලබන අතර බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මගින් මෙම නිෂ්කාශන සහතිකපත් නිකුත් කරනු ලැබේ.

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

පොලිස් මූලස්ථානය පවසන්නේ මෙම දත්ත පද්ධතිය ඊයේ (20) දහවල් 12.50 සිට අක්‍රිය වී ඇති බවයි. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ පද්ධතිය යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දැනුවත් කර ඇති අතර, මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි.

පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ අනුව දත්ත පද්ධතිය යථාවත් වන තෙක් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් නොකරන ලෙසයි. දත්ත පද්ධතිය යථාවත් කළ වහාම නිෂ්කාශන වාර්තා සඳහා අයදුම්පත් නැවත ඉදිරිපත් කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දෙයි.