බඳවා ගැනීමේ වයස් සීමාවන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියෙන් අනතුරු ඇගවීමක්

Report

ආධුනික පොලිස් කොස්තාපල්/කාන්තා පොලිස් කොස්තාපල් තනතුරට බඳවාගනු ලබන වයස් සීමාව පිළිබද අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්  දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

 ශ්‍රී ලංකා පොලිසියට හා විශේෂ කාර්ය බලකායට පොලිස් කොස්තාපල්/කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් රියැදුරන් බඳවා ගැනීම සඳහා 2026.03.27 දිනැති රජයේ ගැසට්පත්‍ර අංක 2482 හි නිවේදනයක් පල කර ඇත.

මෙම ගැසට් නිවේදනයට අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කිරීම සිදුකල යුතුව ඇති අතර එහි අයදුම්පත් භාර ගැනීම 2026.05.08 දිනෙන් අවසන් වේ.

මෙම ගැසට් නිවේදනයට අනුව ආධුනික පොලිස් කොස්තාපල්/කාන්තා පොලිස් කොස්තාපල් තනතුරට බඳවාගනු ලබන වයස් සීමාව අවුරුදු 18 ට නොඅඩු හා 24 ට නොවැඩි යුතු බවත්, ආධුනික පොලිස් කොස්තාපල් රියැදුරු තනතුර සඳහා වයස් සීමාව අවුරුදු 18 ට නොඅඩු හා 28 නොවැඩි විය යුතුය.

මෙරට බහුතරයක් උයන්නේ ගෑස් වලින්ද, දර වලින්ද නවතම හෙළිදරව්ව මෙන්න

මෙරට බහුතරයක් උයන්නේ ගෑස් වලින්ද, දර වලින්ද නවතම හෙළිදරව්ව මෙන්න

ඉහත සඳහන් සියළුම තනතුරුවලට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරුදු 28 දක්වා වැඩි කර ඇති බවට මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වන බවත් අසත්‍ය තොරතුරු සමාජගත කරන පුද්ගලයින් පිළිබඳව අනාවරණය කරගෙන ඇති අතර ඊට අදාල විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

ඒ අනුව, එවැනි අසත්‍ය තොරතුරු විශ්වාස නොකරන ලෙසත් ගැසට් නිවේදනයේ සඳහන් මූලික සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් අයදුම්පත් යොමුකර, සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය අයදුම්කරුවන් වෙත දන්වා තිබේ  .