මේ ගැන තොරතුරක් දන්නවනම් වහාම මේ අංකයට කතා කරන්න..ලක්ෂ 10ක් අතටම හම්බවෙයි..

Report

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට 2024.12.24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලිසිය හා කුරුණෑගල කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය මගින් මේ වන විට විර්මශන සිදු කරමින් පවතිනවා.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

අද ලග්න 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්න 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද දන්වා ඇත.

පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉහත අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත ලබා දෙන ලෙසයි.

දුරකථන අංක

කොට්ඨාස භාර නිලධාරී, කුරුණෑගල 071-8591244

පොලිස් මාධ්‍ය ප්‍රකාශක – 071-8591882

You May Like This Video