මෝටර් රථයක පෙම්යුවලක් අශෝභන ලෙස හැසිරුනයි පොලිසියේ දෙන්නෙක් කරපු දේ මෙන්න.

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Aug 21, 2024 05:58 AM GMT
Aruna

Aruna

Report

මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000 අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

ඉන්දියාවේ වෛද්‍යවරිය දූෂණයකර මරා දැමූ ප්‍රධාන සැකකරු බිරිඳට කළ දෙයක් ගැන විශේෂ අනාවරණයක්..නැන්දම්ම සියල්ල වමාරයි..

ඉන්දියාවේ වෛද්‍යවරිය දූෂණයකර මරා දැමූ ප්‍රධාන සැකකරු බිරිඳට කළ දෙයක් ගැන විශේෂ අනාවරණයක්..නැන්දම්ම සියල්ල වමාරයි..


එම නිලධාරීන් දෙදෙනා ඉකුත් 14 වෙනිදින සවස 6 සිට පසු දින 6 දක්වා යතුරු පැදි සංචාරයේ යොදවා තිබෙන අතර තුර මෙම සිදුවීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ, කඩුවෙල පොලිස් වසමෙන් බැහැරව මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂාවට ලක්කර එහි රියදුරු අසුනේ සිටි තරුණයකු සහ ඊට යාබද අසුනේ සිටි තරුණියක අශෝබනව හැසිරෙන බවට 119 මධ්‍යස්ථානයෙන් පණිවිඩයක් ලැබී තිබෙන බවට සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ඔවුන් දෙදෙනා බිය ගන්වා රුපියල් 10000ක මුදලක්ම අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

කිසිදු අපේක්ෂකයෙකුට 50% ගන්න බැරි උනොත් වෙන දේ..කවුරුත් අහන ප්‍රශ්නෙට පිළිතුර මෙන්න.

කිසිදු අපේක්ෂකයෙකුට 50% ගන්න බැරි උනොත් වෙන දේ..කවුරුත් අහන ප්‍රශ්නෙට පිළිතුර මෙන්න.


ReeCha