දකුණම කතක් නිසා කැළඹෙයි - නිවස ඇතුළට රැගෙන ගොස් බලෙන්ම බදාගෙන කළ අමුතුම දෙය.. ප්‍රබලයෙකුත් අහු වෙලා..

Report

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඉහළ ලාභාංශ දෙන බව පවසමින් ගාල්ල හා ඒ අවට පදිංචි පුද්ගලයන් විශාල පිරිසක් රවටා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර තිබෙනවා. 

ඇයව පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබිණ.

ඇයට මුදල් ලබා දුන් අය නැවත මුදල් ඉල්ලා පැමිණෙන විට මෙම කාන්තාව ඔවුන්ට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම කාන්තාවට බොහෝ පුද්ගලයින් හසු වී ඇත්තේ රුපියල් කෝටි දෙක තුන පමණ මුදල් ආයෝජනය කරමින් ය.

ඇය හමුවට මුදල් ඉල්ලා එන පිරිමි පුද්ගලයින් ඇය විසින් නිවෙස තුළට කැඳවා ගෙන විත් ඔවුන් බදාගන්නා බවත් පසුව එය වීඩියෝ කර එම පුද්ගලයින්ව බිය ගන්වන බවත් විමර්ශනවල දී හෙළි විය.

ඒ හේතුවෙන් ඇයට මුදල් ලබා දුන් බොහෝ පිරිමි පුද්ගලයින් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් නොකරන බව වාර්තා විය.

මේ අතර ඇය හමුවේ මුදල් ආයෝජනය කළ පිරිස අතර දකු‍ණේ ප්‍රසිද්ධ දේවාලයක කපු මහතෙකු ද සිටින බව වාර්තා විය.