පාසල් දැරියක් බිය ගන්වා අමානුෂිකව කළ අහස පොළොව නුහුලන අපරාදය..
පාසල් දැරියකට තර්ජනය කර බිය ගන්වා අවස්ථා කිහිපයක දී ඇයව දූෂණය කළ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු වරකාපොල මාහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.
එයට අදාළ සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සිසුවියට තර්ජනය කර බියගන්වා ඇත්තේ මව සහ පියා මරා දමන බවට සඳහන් කරමින් ය.
මෙම සැකකරු දැරියව අවස්ථා කිහිපයකදී කැළෑබද ප්‍රදේශයන්ට සහ ලැගුම්හල් තුලට රැගෙන ගොස් අමාණුෂික ලෙස දූෂණය කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාලව මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් වරකාපොළ පොලිසිය විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂගේ උපදෙස් මත වරකාපොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යංශය වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කර ඇත.