මෙරට ප්‍රකට සමාජ ජාල ක්‍රියාකාරිකයෙක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගැනේ...
මෙරට ප්‍රධාන පෙළේ සමාජ ජාලා ක්‍රියාකාරිකයකු පිස්තෝලයක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
කැලණිය පොලිසිය විසින් මෙම සැකකරු ගෝනවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ගෝනවල පාර ප්‍රදේශයේ සැකකටයුතු ලෙස දමා ගොස් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ සොයාගෙන තිබේ.
පසුව වාහනයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පවසා ඇත්තේ තමන් අලුයම බීමත්ව සිටි නිසා රථය මාර්ගයේ දමා නිවසට ගිය බවයි.
අදාළ ගිනි අවි ඔහු සතුව තබාගෙන ඇත්තේ කිසියම් අපරාධයක් සඳහාද යන්න පිළිබඳව පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.