රට යන්න හීන පෙන්නා මුදල් වංචා කළ කතක් පොලිස් දැලේ

Police spokesman Sri Lanka Crime
By Akash Mar 15, 2025 04:43 AM GMT
Akash

Akash

Report

 පුද්ගලයින් විදෙස්ගත කරන බවට පොරොන්දු වී රුපියල් 1,340,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වූ පැමිණිලි 03කට අදාළව නාරහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබුණු අතර ඊයේ (14) සවස් කාලයේදී නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකාරිය වයස අවුරුදු 45ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පුද්ගලයින්ට විදෙස්ගත කරන බවට පොරොන්දු ලබාදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් සිද්ධි වාර්තා වී තිබේ.

කොළඹ වංචා විමර්ශන කාර්යංශය, වැල්ලවත්ත, වාද්දූව, මීගහවත්ත, හබරාදූව හා ගිරිඋල්ල යන පොලිස් ස්ථානවලට අදාළ පැමිණිලි ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ReeCha