රට පුරා පොලිස් ලොක්කන්ට දාඩිය දාන තීරණයක් ඉහළින් ගනී..උදේ 6.30 සිට කරන්න තියෙන වැඩ ලැයිස්තුවක් එයි.

Report

මැතිවරණ රාජකාරි අතරේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට සතියේ දවස් පහම උදෑසන 6.30 සිට රථවාහන අධිපැය රාජකාරි ලෙස මහමග රැඳී සිටින ලෙසටත්, කසිප්පු වැටලීම් ඇතුළු පහළ ශ්‍රේණියේ නිලධාරීන් කරන සියලු රාජකාරි කරන ලෙසටත් පොලිස් මූලස්ථානය නිකුත් කළ චක්‍රලේඛයක් නිසා ස්ථානාධිපතිවරුන් දැඩි ආතතියට පත්ව ඇතැයි වාර්තා වනවා.

පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පහළ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් සේවය ලබාගැනීම හා පොලිසිය පාලනය කිරීම ස්ථානාධිපතිගේ රාජකාරිය වුවද හදිසියේම එවූ මෙම චක්‍රලේඛය නිසා නිලධාරීහු අපහසුතාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

පාන්දර සිට මහමග රාජකාරි සඳහා ස්ථානාධිපතිවරුන් එක්වූවාද යන්න නිරීක්ෂණය කිරීමේ වගකීම සහකාර පොලිස් අධිකාරීවරුන්ට පවරා ඇත.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..


පොලිස් ස්ථානාධිපතිවරුන්ට මාසික කාර්ය සාධක වාර්තා සකස් කිරීම සඳහා වරෙන්තුකරුවන් ඇල්ලීමට යාම, ප්‍රජා පොලිස් කාර්යයන්, රථවාහන පාලන කාර්යයන්, ආගමික උත්සව, දූෂණ මර්දන වැටලීම්, භෝජනාගාර පරීක්ෂාව ඇතුළු කාර්යයන් රැසක් සඳහා එක්වීමට නියෝග කර ඇති බවයි පැවසෙන්නේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් සෑම මාසයකට සැරයක්ම සහකාර පොලිස් අධිකාරිගේ නිර්දේශය ඇතිව මාසික කාර්ය සාධන වාර්තාව පොලිස්පතිවරයාට යොමුකළ යුතුව ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දෙන්නේ, පොලිසියේ පොත් ටික කියවාගන්න වේලාවක්වත් මේ නිසා නොමැති බවත්, පොලිස් ස්ථානාධිපතිවරුන් බහුතරයක් මෙම නියෝගය නිසා අපහසුතාවට පත්ව ඇති බවයි.