කුරුල්ලෙකුගේ පිහාටු කොටල තියෙන මොහුව දන්නවනම් වහාම දැනුම් දෙන්න.(PHOTOS)
පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුවූ වෙඩිතැබීම සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.
එලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පැවසෙන්නේ.
පොලිසිය පැවසුවේ, ලංකා ඒකනායක නැමති 33 හැවිරිදි එම පුද්ගලයා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මෙම සැකකරු සමාජ ශාලා කළමනාකරුවෙක් බවත්, ඔහුගේ වම් අතේ පහළ බාහුවේ මැණික් කටුවේ සිට ඉහළට උඩු අතට කුරුල්ලෙකුගේ පිහාටු රුව කළු පාටින් පච්චයක් කොටා ඇති බවත් පොලිසිය කියා සිටියි.
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකක 1 – 071 8596503
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

