අද ඇරඹීමට සැළසුම් කළ පොහොට්ටුවේ ප්රචාරක කටයුතු කල් දැමුවේ ඇයි...
By Piyumika
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රචාරක කටයුතු ආරම්භ කිරීම ලබන මස 02 වනදා දක්වා කල් දමා තිබෙනවා.
එම කටයුතු අද අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා
එහෙත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම ප්රචාරණ කටයුතු ආරම්භ කිරීම සුදුසු නොවන බව පක්ෂ නියෝජිතයින් පෙන්වා දි තිබෙනවා.
එම අදහස්වලට අනුව මෙම තීරණයට එළැඹි බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කියා සිටියේ.
You may like this video