ධම්මික පෙරේරා බෑ කියයි..අපේක්ෂකයෙකු සොයා පොහොට්ටුව ඇවිස්සෙයි..නාමල් පෙරට..

Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Dhammika Perera Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 06, 2024 03:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (07) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ, එම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ බවයි.

එම අපේක්ෂකත්වය සඳහා මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි,ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කරන බවට මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ ජ්‍යෙශ්ඨයින් සඳහන් කර කිබුණත් එය දිනෙන් දින කල් ගියා.

අද (06) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ ජ්‍යෙශ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට (07) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති පසුබිමකයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම සඳහා එක්වූ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් අද (06) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකට එක්වුණා.

ජනපතිවරණයට ඇප තැබූවන් තවත් ඉහළට - අපේක්ෂක ලැයිස්තුව මෙතනින්..

ජනපතිවරණයට ඇප තැබූවන් තවත් ඉහළට - අපේක්ෂක ලැයිස්තුව මෙතනින්..

ReeCha