පොහොට්ටුවේ විශාල පිරිසක් එජාපයට..සජිත් තනිවෙයි..

Report

ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානානයක්කාර මහතා පවසයි.

සමගි ජනබලවේගයේ පිරිසක්ද එජාපයට එක්වෙනු ඇති බවත් ඉන් පසු සජිත් ප්‍රේමදාස මහතා තනි වීම හෝ යථාර්ථයට මුහුණ දීමට සිදුවෙනු ඇතැයිද ඔහු සදහන් කලේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් දක්ෂිණාංශික කණ්ඩායමක් හා ජනතා විමුක්ති පෙරමුණ, උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ස්වාධීන පිරිස සහිත වාමාංශික කණ්ඩායම ලෙස ඉදිරියේදී කණ්ඩායම් දෙකක් බිහිවෙනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now