පොහොට්ටු රැස්වීමේ තීරණයට 61 සහය දෙයි - කවුරුත් බලා සිටි තීරණය ලැබෙන දිනය..

Report

 අද (29) පස්වරුවේ, 2024 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීන්දු කළේය.

එම යෝජනාව සඳහා පොදුජන පෙරෙමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු විරුද්ධ වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ රැස්වීම සඳහා එහි සාමාජිකයින් 72ක් සහභාගී වී තිබේ.

2024 ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් විසින් යෝජනා කර ඇත.

එම යෝජනාවට පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 61 දෙනෙකු පක්ෂ වී ඇති අතර 11 දෙනෙකු ඊට විරුද්ධවී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න අගෝස්තු පස් වනදා හෝ හය වනදා ප්‍රකාශ කරන බව වාර්තා වෙයි.