2026 පළමු මාස හයට ඉන්ධන ගේන්න ගිය දැවැන්ත වියදම අගමැතිනිය හෙළි කරයි

Report

2026 වසරේ පළමු මාස හය තුළ ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,168ක් පමණ වැය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා. මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල සහ ඉන්ධන ආනයන පිරිවැය කෙරෙහි ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කෙරුණා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, 2025 වසරේ එම කාලසීමාවේදී ඉන්ධන ආනයනය සඳහා වැය කර තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 1,995ක් පමණක් බවයි. ඒ අනුව, පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හය තුළ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 9 දක්වා ඉහළට- තවත් පිටපත් දෙකක් කථානායකට

22 වන සංශෝධනයට එරෙහි පෙත්සම් ගණන 9 දක්වා ඉහළට- තවත් පිටපත් දෙකක් කථානායකට

අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න

අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න