අභාවයට පත් හිටපු කටාර් රාජ්‍යය නායකයාට අවසන් ගෞරව දැක්වීමට අගමැතිනිය පිටව යයි

Report

අභාවප්‍රාප්ත කටාර් රාජ්‍යයේ හිටපු නායකයාට ශෝකය පල කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමිය කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි.

එමීර්වරයා (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ කටාර් රාජ්‍යයේ හිටපු නායකය ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය.

මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය යළි තහවුරු කීරමක් මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උනන්දුව ද අවධාරණය කරයි.