ලෝක ආර්ථික සමුළුවට අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
අග්‍රාමාත්‍යවරිය අද (19) උදෑසන ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෙම වසරේ ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම 'A Spirit of Dialogue' යන තේමාව යටතේ ස්විට්සර්ලන්තයේ Davos-Klosters හිදී ජනවාරි 19 සිට 23 දක්වා පැවැත්වෙනවා. රාජ්‍ය නායකයින්, බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයින්, තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික පිරිසක් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරය අතරතුර ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ වෙනත් සම්භාවනීය අමුත්තන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලෝක ආර්ථික සංසදයේ මෙවර රැස්වීමේදී ගෝලීය ආර්ථික අභියෝග, තාක්ෂණික ප්‍රගතිය, දේශගුණික විපර්යාස, ආර්ථික සහයෝගීතාව සහ ගෝලීය සංවාදයේ ආත්මය යනුවෙන් ප්‍රමුඛ මාතෘකා කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරියගේ මෙම සහභාගීත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, ආයෝජන අවස්ථා සහ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.