ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටට වටිනවා - ගුරුවරුන්ගේ වටිනාකම ගැන අගමැතිනිය පැහැදිලි කරයි

Report

ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන ඉතාම වටිනා ආයෝජනයක් ලෙස සලකන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අධ්‍යාපනය තුළින් පුද්ගලයන්ව ස්වාධීනව සිතීමට යොමු කළ යුතු බවත්, තමන් වටා ඇති ලෝකය තේරුම් ගනිමින් සමාජ අසාධාරණයට එරෙහිව ප්‍රශ්න කිරීමටත්, විවිධත්වය අගය කිරීමටත්, සමාජයේ වැඩකටයුතු සඳහා ක්‍රියාශීලීව සහභාගී වීමටත් අප ලබාදෙන අධ්‍යාපනය නව පරපුරට උපකාරයක් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

අද (09) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදාන උත්සවය සඳහා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටි අතර මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.එල්. වසන්ත කුමාර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ජී. දයාරත්න යන මහත්වරු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රිය මණ්ඩලයේ සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද පැමිණ සිටියා.

ජූලි 07, 08, 09 යන තෙදින පුරා පැවති මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී,ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන උපාධි පාඨමාලා සම්පූර්ණ කළ වෘත්තිකයින්ට උපාධි ප්‍රදානය සිදු කළේය.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

මෙහිදී අදහස් දැක්වූ අගමැති,

“උපාධි ප්‍රදානෝත්සවයක් යනු පුද්ගල ජයග්‍රහණ සැමරීමට පමණක් සීමා වූ අවස්ථාවක් නොවෙයි. එය අධ්‍යාපනයේ අරමුණ සහ ඉගෙනීම තුළින් පැවරෙන වගකීම් පිළිබඳව නැවත සිතා බැලීමට අපට ලැබෙන අවස්ථාවක්. එසේම ජාතික අධ්‍යාපන ආයතනය දශක ගණනාවක් පුරාවට විෂයමාලා සංවර්ධනය, ගුරු අධ්‍යාපනය, අධ්‍යාපනික පර්යේෂණ සහ වෘත්තීය සංවර්ධනය යන ක්ෂේත්‍ර තුළ වගකීම් පැවරී ඇති ආයතනයක් ලෙස, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීමේ ක්‍රියාවලියේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගත් ආයතනයක් ලෙසද හැඳින්විය හැකියි. ශාස්ත්‍රීය ජයග්‍රහණ පමණක් නොව, දයාව, නිර්මාණශීලීත්වය, විවේචනාත්මක චින්තනය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පෝෂණය කරන අධ්‍යාපන ක්‍රමයක් අපි නිර්මාණය කරන්නේ කෙසේද යන්න අප සිතිය යුතුයි.

වෙනස් වන ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්‍යයි. එහිදී විවේචනාත්මක චින්තනය, ඩිජිටල් තාක්ෂණික දැනුම, නිර්මාණශීලීත්වය, එකමුතුව සහ ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව වැනි සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතිනවා. එහිදී වැදගත්ම දේ වන්නේ, පවතින සමාජ විෂමතා තව තවත් වැඩි නොකර, ඒවා අවම කරන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමයි. මේ සඳහා කැපවීම, අලුත් අවස්ථාවන් නිර්මාණය කිරීම සහ ධෛර්යය අවශ්‍ය වෙනවා. අපේ සමාජයේ ගුණාත්මක බව හැඩගැස්වීමට ගුරුවරුන් විශාල මෙහෙයක් ඉටු කරනවා. ඕනෑම ගුරුවරයෙකුට දරුවෙකුගේ ආත්ම විශ්වාසය සහ අනාගත බලාපොරොත්තු ඇති කිරීමට හැකියාව තිබෙනවා. එසේම සමානාත්මතාවය, සැමට එකසේ සැලකීම සහ ගෞරවය පුරුදු කරන තැනක් බවට පන්ති කාමරය පත් කිරීමේ හැකියාව ද ඔවුන් සතුව තිබිය යුතු තවත් වැදගත් ගුණාංගයක්.

ඒ නිසා ගුරුවරුන් සඳහා ආයෝජනය කිරීම රටක් කරන ඉතාම වටිනා ආයෝජනයක් ලෙස අප සලකනවා.දිගින් දිගටම ඉගෙනීමට, පර්යේෂණ කිරීමට, තමන් කරන වැඩ ගැන නැවත සිතා බැලීමට සහ වෙනස්කම්වලට මුහුණ දීමට කැමති ගුරුවරුන් අපට ඉදිරියේදීත් අවශ්‍ය වෙනවා. අද ඔබ ලබා ගන්නා මෙම සහතික පත්‍ර ඔබේ පෞද්ගලික දියුණුව පමණක් නොව, සමාජයට ඉටු කරන සේවාවක්ද නියෝජනය කරනවා. අධ්‍යාපනයේ සැබෑ වටිනාකම මැනෙන්නේ අපට ලබා ගත හැකි දේවලින් පමණක් නොව, අප අන් අයට ලබා දෙන දායකත්වයෙනි. නිතරම ප්‍රශ්න කරන්න. අලුත් දේ පරිකල්පනය කරන්න. සෑම දරුවෙකුටම තමන්ගේ උපරිම හැකියාවන් කරා ළඟා වීමට අවස්ථාව ලැබෙන අනාගතයක් වෙනුවෙන් වැඩ කරන්න.අධ්‍යාපනයේ සැබෑ පොරොන්දුව එයයි. ඔබ අප සැමගේ සාමූහික වගකීම වන්නේද එයයි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසා සිටියේ රජයක් ලෙස, වඩාත් සාධාරණ සහ විසි එක්වන සියවසේ යථාර්ථයන්ට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රට තුළ ස්ථාපිත කිරීමට අවතීර්ණ වී සිටින හෙයින්, නව්‍යකරණයට කැමැත්තක් දක්වන, පැරණි භාවිතයන්ට අභියෝග කරන, නව දැනුම උත්පාදනය කිරීමට කැමැත්තක් දක්වන පුළුල් චින්තකයින් එහිදී අවශ්‍ය වන බවයි.

එසේම පසුබිම හෝ තත්ත්වයන් නොසලකා සෑම දරුවෙකුම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට සුදුසු බව විශ්වාස කරන, ඉගෙනගැනීමේ සහ ඉගැන්වීමේ කලාව හොඳින් අවබෝධ කරගත් වෘත්තිකයන් ද අපට අවශ්‍ය කරන බවත්, අද මෙහි රැස්ව සිටින උපාධිධාරීන් ඔවුන් ලද විශේෂඥ දැනුම අන් අයට අවස්ථාවන් උදාකරන මූලාශ්‍රයක් ලෙස භාවිත කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.”