අග්‍රාමාත්‍ය හරිනි සහ භූතානයේ වංචුක් රජු අතර හමුවක්

Report

භූතානයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතානයේ ජිග්මේ කෙසාර් නම්ගියෙල් වංචුක් රජු අතර විශේෂ හමුවක් ෂිච්ඡෝඩ්සොං  හිදී පවත්වා තිබේ.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් පැවැති මෙම සාකච්ඡාවේදී, භූතානයේ ඉදිරි සංවර්ධන ප්‍රමුඛතා මෙන්ම ශ්‍රී ලංකාව සහ භූතානය අතර සහයෝගීතාව ඉහළ නැංවිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය.

ලංකාවේ රත්තරන් මිල වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

ලංකාවේ රත්තරන් මිල වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

භූතානයේ ඉදිරි සංවර්ධන සැලසුම් සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු පළපුරුද්ද, විශේෂඥ දැනුම සහ තාක්ෂණික සහයෝගය ලබාගැනීමට ඇති කැමැත්ත භූතාන රජු මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම දෙරට අතර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙන්ම භූතානය තුළ විශේෂ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වයේම අවධානය යොමු කෙරිණි.

මීට අමතරව, භූතානය දැනට මුහුණ දෙන ප්‍රධාන ජනගහන අභියෝගයක් වන තරුණ පරපුර සීඝ්‍රයෙන් විදේශගතවීම සහ එමඟින් රටේ අනාගත ශ්‍රම බලකායට මෙන්ම ජනගහන සංයුතියට එල්ල වන බලපෑම් පිළිබඳව ද දෙ නායකයින් අතර අදහස් හුවමාරු විය.

ආයේ මේ රැකියාවට NVQ සුදුසුකම් අනිවාර්ය කිරීමේ සූදානමක් - රෙගුලාසි ගැසට් කරයි

ආයේ මේ රැකියාවට NVQ සුදුසුකම් අනිවාර්ය කිරීමේ සූදානමක් - රෙගුලාසි ගැසට් කරයි

දෙරටේම තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමේත්, දෙරටේම සාර්ථක අත්දැකීම් සහ භාවිතයන් පරස්පරව හුවමාරු කරගැනීමේත් ඇති වැදගත්කම මෙම හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.