කෘතිම ප්ලාස්ටික් බිත්තර ගැන ඇත්ත කතාව හෙළිවෙයි..
වෙළෙඳපොලේ කෘතිම බිත්තර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර සිටිනවා.
ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ද ලැබී නොමැති බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ.
ශ්‍රී ලංකාව තුළ කෘතිම බිත්තර අලෙවිය හෝ ආහාර සඳහා යොදාගැනීමට නොහැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර, පසුගිය කාලයේ කෘතිම සහල් පිළිබඳ ලැබුණු තොරතුරු මත ඊට අදාළ සාම්පල පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කර තිබෙන බවයි එම අධිකාරිය පවසන්නේ.
එහෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, කෘතිම සහල් මෙරට වෙළෙඳපොලෙන් හසු නොවූ බවයි.