බාල ක්‍රීම් සහ පියුමි හංසමාලි... අතේ උපාධි කොළයක්...ඒකත් ???

Police spokesman Sri Lanka Police Sri Lanka Piumi Hansamali Sinhala news
By Akash 2 days ago
Akash

Akash

Report

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබෙනවා.

පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල ඊයේ (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

උසාවියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පියුමි හංසමාලි සඳහන් කළේ තමන් ක්‍රීම් සෑදීමට ඉගෙන ගෙන ඇති බවත් තමන්ට ඒ පිළිබඳව උපාධියක් පවා ඇති බවයි.

කෙසේ වෙතත් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ඉදිරිපත් කළ කරුණු අනුව පියුමි හංසමාලි නම් නිරුපන ශිල්පිනිය කොළඹ පිටකොටුවෙන් රුපියල් 2000ක් වැනි මුදලකට බාල ක්‍රීම් වර්ග තොග පිටින් රැගෙන නැවත ඇසුරුම් කර අධික මිලකට පාර්භෝගිකයන් රවටා අලෙවි කර තිබෙනවා.

එම වාර්තාව වේගයෙන් රට තුල පැතිර ගිය අතර ඒ මගින් පියුමි හංසමාලිගේ මෙම මගඩි ජාවාරම මේවන විට බිමටම වැටී ඇති බවයි සඳහන් වන්නේ. ඉතාමත් ඉක්මනින් ඉහටලම ගිය පියුමි හංසමාලි දැන් ඉතාමත් ඉක්මනින් පහලට ඇද වැටෙමින් සිටින බවයි සඳහන් වන්නේ.

තමන්ට ක්‍රීම් හදන්න උපාධියකුත් තියෙනවා කියාලා පියුමිම පවසන අතර එය තුර්කියෙන් ලබාගත් බව සඳහන් කර සිටිනවා. දැන් පියුමි හංසමාලි කොහේ ගියත් උපාධි සහතිකයත් අරගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

ReeCha